Monday, April 20, 2015

පෙම්වතෙකුගේ වියෝගය!!!








මගේ වියපත් හිත තලන ශෝකය
මෙනෙහි කර ගනිමි ඇගේ රූපය
මතක් වන්නේ තරුණ කල මට 
මම පිසි කදුලු ඇස් වට
එය මතක් වී තෙත් වී මගේ සියොලඟ 
සිටියා නම් ඇ අනේ දැන් මා ලග 
ආදරය නොමියේලා ඇත්ද මේකල
කියන්නට පිලිතුරු නැති බව දනිමි මා 
කියයි මේ කිසිවකට පිලිතුරු දන්නේ නැත තමා 
මුමුනාවි ඇ 
මේ සියල්ලටම පිලිතුරු කාලය 
තවත් ඉඩ දි 
බලන් ඉමු අපි 
වෙනස් වන ලෝකය 
කාලය තමයි මේ ඔක්කොටම මුල 
කිවේමි අෑ සිටි කල මුලුව 
ඈ නොඇසුවා මා කිව් කිසි දෙයක් 
අසයි මා 
කාලය කර ඇද්ද අපිට හොද දෙයක් 
අෑට ආදරය මුත් 
මම දැන් වියපත්ව අසරනය 
පතන්නේමි මම 
දැන් අෑ සමඟ කිරිමට සසර තරණය.


ආලකමන්දාව 
නිර්මාල්

Thursday, April 2, 2015

ඇත්තටම ලණුව කෑවේ කව්ද?


“මල්ලී අන්න අම්මා ඔයාට කතා කරනවා..... කුස්සියේ උයමින් උන් අම්මාගෙන් පණිවිඩයක් රැගත් අක්කා දුවවිත්, වීඩියෝ ගේම් එකේ තීරනාත්මකම හරිය ප්ලේ කරමින් සිටි මල්ලීට පැවසුවාය.

මොකටද කතා කලේ?
දන්නෑ. ගිහින් බලනවා. හදිස්සියක්ද කොහෙද.
ගේම් එකත් පෝස් කර දමා මල්ලී අම්මා අසලට ගියේය.
ඇයි අම්මේ කතා කරේ?
කවුද කතා කරා කීවේ? මං කතා කරේ නෑ...
එහෙනං අක්කා කිව්වේ කතා කරා කියලා..!
...පසෙකින් සිටි අක්කා...
හූ..හූ අප්‍රේල් මෝඩයා..................
“ %$@##%$^^$%$@$#@%$#%$#^$&$^##%@%^%$^%#%$@%$^$ “

                               අප්‍රේල් පලවෙනිදා ඉතිං මේ වගේ පොඩි පොඩි ලණු වගේම ඇස් රතුවෙන ලොකු ලොකු ලණුත් ක්‍රියාත්මක වෙන්න ඇති. ඒ සේරටම පස්සේ ඕං මං හදන්නේ මේ අප්‍රේල් පලවෙනිදා ලණු දෙන සීන් එක ගැන කතා කරන්නයි. ලණු දුන්නට ගොඩක් අය දන්නේ නෑ ඇයි එක දවසක් මේකට ඉස්පැෂල් කරගෙන ලණු දෙන්නේ කියලා. මං දැන් කියන්න යන්නේ ඒ ගැන. මේ පොස්ට් එක කියවලා ඉවර උනාම ඔයාලට තේරෙයි උඩ තියෙන කතාවට අනුව ගත්තොත් ඇත්තටම ලොකුම ලණුව කාලා තියෙන්නේ අක්කද,මල්ලිද කියල.

                   ඔයාල හැමෝම දන්නවානේ ඉතිං හිරු නොබසින අධිරාජ්ය්‍යට අපිත් යටත්වෙලා හිටියා කියලා.. ඔය කාලේ සුද්දෝ යටත් කරගත්ත රටවල් වල තියන හැම දේම තමන්ගේ අනසකට යටත් කරගන්න එක තමා කරේ. ආගම,සංස්කෘතිය ඇතුලු හැමදේම. ඔහොම කරගෙන යන අතරේ සුද්දන්ට ලොකු ප්‍රශ්නයක් උනා උන්ගේ වෙලාවට අපි වැඩ කරන්නැති එක. ඒ කියන්නේ එයාලා අවුරුද්දෙ මුල කියලා සැලකුවේ ජනවාරි පලවෙනිදා උනාට අපේ අය අවුරුද්දේ මුල කියලා සැලකුවේ අප්‍රේල් පලවෙනිදා. ඉතින් සුද්දෝ කොච්චර කිව්වත් ජනවාරි පලවෙනිදා අවුරුද්දේ මුල විදියට සලකල වැඩකරන්න කියලා කවුරුත් ඇහුවෙ නෑ. අපේ අය විතරක් නෙවේ බ්‍රිතාන්‍යයෝ යටත් කරගත්ත ගොඩක් රටවල් වල අවුරුද්දේ මුල උනේ අප්‍රේල් පලවෙනිදා. මේ හේතුව නිසා මේකට පිලියමක් කල්පනා කරපු බ්‍රිතාන්‍යයෝ ඉතිහාස ගතවෙන ජාත්‍යන්තර ලණුවක් ප්‍රචාරය කලා.. ඒ කියන්නේ අප්‍රේල් පලවෙනිදා මොඩයින්ගේ දවස විදියට ප්‍රකාශ කලා.. ඉතින් ඒ ලණුව ගිලපු මිනිස්සු අප්‍රේල් පලවෙනිදා ගොන් විහිළු කරන්න පටන්ගත්තා.. මෙහෙම මෝඩ දවසක් හාහාපුරා කියලා අවුරුද්දක් පටන්ගන්න සුබ දිනයක් කරගන්න අකමැති වුනු මිනිස්සු ජනවාරි පලවෙනිදට මාරු උනා.. අනේ ඉතින් සමහරු තවමත් අර සුද්දාගේ පරණ ලණුව නිසා අප්‍රේල් පලවෙනිදට ගොන් ජෝක් කරනවා......