අඳුරු අහස
සඳ
වේ නම් නුබේ පහස
ඔබ
වට දිලිසෙන නිල් තරු දහස
රවටන්
ඉන්නද නිතරම අදහස
සඳ
බැබලෙන විට පසලොස්වකදා
ඔබ
සඳ සමඟින් මුකුලු කරනදා
අමාවකට පාළුවෙ නුබ නොනිදා
රටා ගොතනවා නිල් තරු ඈදා
අසරණ තරු කැට නුබ රවටනවා
පසලොස්වකදා උන් වැලපෙනවා
නිතරම නුබ සඳ අගේ කරනවා
සැමදා තරු කැට පාළු කපනවා
උහුලන් ඉන්නම බැරි තැන තරු කැට
විසිරී යනවා බිඳු බිඳු කැට කැට
පොලව සිඹිනවා සමහර තරු කැට
කඳුලැලි වෙනවා එතකොට මුතු කැට
නුබට අගේ ඇති පුන්සඳ සමගින්
ඉන්න එහෙත් ඇයි තරු කැට පසෙකින්
නිතර දකින තරු කැට හට මෙලෙසින්
අවමන් නොකරනු අහසක් විලසින්
නුබට අගේ ඇති පුන්සඳ සමගින්
ReplyDeleteඉන්න එහෙත් ඇයි තරු කැට පසෙකින්
නියමයි බන්.....දිගටම ලියපන්..
ෙමාකද ඒ කෑල්ල විතරක් හයිලයිට් කෙර්????
ReplyDeleteඒක හිතට වැදුනා බන්...
Delete