ලොවම
නිදන මහ රෑ යාමයේ
නිදි
නැති නෙතු මට පැවසූයේ
නුඹව
දකින තුරු දෙව්ලියේ
නිදනු
නොහැකි බව මේ රැයේ
නුඹ
පැමිනෙන තුරු හෝ සිහිනයකින්
සිත
මගේ නලියයි මහ චකිතයකින්
සරසා
යහනම මල් පෙති සුවඳින්
සතපව
ගන්නෙමි නුඹ ආවෝතින්
සියුමැලි
නලලෙහි මගෙ මුව තියලා
සිනහ
නගන්නම් දෑසම බලලා
සුමුඳු
පුංචි නුඹේ දෑතම අල්ලා
තුරුලට
ගන්නෙමි කොපුලම සිඹලා
කෙහෙරැල්
පිරිමැද සුව සලසන්නම්
ගීයක
පදවැල් මුමුනාලන්නම්
නීල
දෑස් නුඹෙ වෙතට එබෙන්නම්
නුඹ
මගේ ලය මත හොවා තබන්නම්
රැහැයි
හඬ ඇසෙයි මුළු රැය මැදදී
සඳෙහි
රැස් වැටෙයි එලියට අතදී
සිසිලස
නොමැකෙයි උණුහුම මැදදී
සඳ
සැඟවී යයි නුඹහට ඉඩදී
අඩ
අඳුරෙදි නුඹේ දෑස් පෙනෙනවා
දෙනුවන්
අතරින් කඳුලැල් එනවා
සිහිනයක්
සැනින් මතුවී එනවා
මතකය
මතුවී කඳුලු ගලනවා
කාලය,මතකය,හා ආදරය ...එක වෙලාවකට මහා හෙන වදයක්...එක වෙලාවකට විශාල රිදුමක්....
ReplyDeleteජය වේවා......
ඔව් .. ඒ හැමදේම ගොඩක් වෙලාවට වේදනාවක්මයි.
Deleteපරණ දේවල් මතක් වෙන එකත් එක වෙලාවකට මහ වදයක්..
ReplyDeleteඔයාලටත් ඒක තේරෙනව නේද...
Deleteමේ කතාව නම් මම දන්නවාද කොහේදෝ???
ReplyDeleteඒත් මම මේ කල්පනා කලේ කොයි එකද කියලා.!!!
කට පියන් ඉදපන්
ReplyDelete