Sunday, March 22, 2015

සැතපෙන්න මා ලඟින්





ලොවම නිදන මහ රෑ යාමයේ
නිදි නැති නෙතු මට පැවසූයේ
නුඹව දකින තුරු දෙව්ලියේ
නිදනු නොහැකි බව මේ රැයේ

නුඹ පැමිනෙන තුරු හෝ සිහිනයකින්
සිත මගේ නලියයි මහ චකිතයකින්
සරසා යහනම මල් පෙති සුවඳින්
සතපව ගන්නෙමි නුඹ ආවෝතින්

සියුමැලි නලලෙහි මගෙ මුව තියලා
සිනහ නගන්නම් දෑසම බලලා
සුමුඳු පුංචි නුඹේ දෑතම අල්ලා
තුරුලට ගන්නෙමි කොපුලම සිඹලා

කෙහෙරැල් පිරිමැද සුව සලසන්නම්
ගීයක පදවැල් මුමුනාලන්නම්
නීල දෑස් නුඹෙ වෙතට එබෙන්නම්
නුඹ මගේ ලය මත හොවා තබන්නම්

රැහැයි හඬ ඇසෙයි මුළු රැය මැදදී
සඳෙහි රැස් වැටෙයි එලියට අතදී
සිසිලස නොමැකෙයි උණුහුම මැදදී
සඳ සැඟවී යයි නුඹහට ඉඩදී

අඩ අඳුරෙදි නුඹේ දෑස් පෙනෙනවා
දෙනුවන් අතරින් කඳුලැල් එනවා
සිහිනයක් සැනින් මතුවී එනවා
මතකය මතුවී කඳුලු ගලනවා

6 comments:

  1. කාලය,මතකය,හා ආදරය ...එක වෙලාවකට මහා හෙන වදයක්...එක වෙලාවකට විශාල රිදුමක්....
    ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ඔව් .. ඒ හැමදේම ගොඩක් වෙලාවට වේදනාවක්මයි.

      Delete
  2. පරණ දේවල් මතක් වෙන එකත් එක වෙලාවකට මහ වදයක්..

    ReplyDelete
    Replies
    1. ඔයාලටත් ඒක තේරෙනව නේද...

      Delete
  3. මේ කතාව නම් මම දන්නවාද කොහේදෝ???
    ඒත් මම මේ කල්පනා කලේ කොයි එකද කියලා.!!!

    ReplyDelete
  4. කට පියන් ඉදපන්

    ReplyDelete