Saturday, March 21, 2015

අහස






අඳුරු                                                අහස
සඳ වේ නම් නුබේ                             පහස
ඔබ වට දිලිසෙන නිල් තරු                 දහස
රවටන් ඉන්නද නිතරම                    අදහස


සඳ බැබලෙන විට              පසලොස්වකදා
ඔබ සඳ සමඟින් මුකුලු                  කරනදා
අමාවකට පාළුවෙ නුබ                 නොනිදා
රටා ගොතනවා නිල් තරු                   ඈදා

අසරණ තරු කැට නුබ                 රවටනවා
පසලොස්වකදා උන්                වැලපෙනවා
නිතරම නුබ සඳ අගේ                    කරනවා
සැමදා තරු කැට පාළු                    කපනවා

උහුලන් ඉන්නම බැරි තැන තරු          කැට
විසිරී යනවා බිඳු බිඳු කැට                    කැට
පොලව සිඹිනවා සමහර තරු              කැට
කඳුලැලි වෙනවා එතකොට මුතු          කැට

නුබට අගේ ඇති පුන්සඳ                  සමගින්
ඉන්න එහෙත් ඇයි තරු කැට        පසෙකින්
නිතර දකින තරු කැට හට          මෙලෙසින්
අවමන් නොකරනු අහසක්               විලසින්





3 comments:

  1. නුබට අගේ ඇති පුන්සඳ සමගින්
    ඉන්න එහෙත් ඇයි තරු කැට පසෙකින්

    නියමයි බන්.....දිගටම ලියපන්..

    ReplyDelete
  2. ෙමාකද ඒ කෑල්ල විතරක් හයිලයිට් කෙර්????

    ReplyDelete
    Replies
    1. ඒක හිතට වැදුනා බන්...

      Delete