Thursday, April 2, 2015

ඇත්තටම ලණුව කෑවේ කව්ද?


“මල්ලී අන්න අම්මා ඔයාට කතා කරනවා..... කුස්සියේ උයමින් උන් අම්මාගෙන් පණිවිඩයක් රැගත් අක්කා දුවවිත්, වීඩියෝ ගේම් එකේ තීරනාත්මකම හරිය ප්ලේ කරමින් සිටි මල්ලීට පැවසුවාය.

මොකටද කතා කලේ?
දන්නෑ. ගිහින් බලනවා. හදිස්සියක්ද කොහෙද.
ගේම් එකත් පෝස් කර දමා මල්ලී අම්මා අසලට ගියේය.
ඇයි අම්මේ කතා කරේ?
කවුද කතා කරා කීවේ? මං කතා කරේ නෑ...
එහෙනං අක්කා කිව්වේ කතා කරා කියලා..!
...පසෙකින් සිටි අක්කා...
හූ..හූ අප්‍රේල් මෝඩයා..................
“ %$@##%$^^$%$@$#@%$#%$#^$&$^##%@%^%$^%#%$@%$^$ “

                               අප්‍රේල් පලවෙනිදා ඉතිං මේ වගේ පොඩි පොඩි ලණු වගේම ඇස් රතුවෙන ලොකු ලොකු ලණුත් ක්‍රියාත්මක වෙන්න ඇති. ඒ සේරටම පස්සේ ඕං මං හදන්නේ මේ අප්‍රේල් පලවෙනිදා ලණු දෙන සීන් එක ගැන කතා කරන්නයි. ලණු දුන්නට ගොඩක් අය දන්නේ නෑ ඇයි එක දවසක් මේකට ඉස්පැෂල් කරගෙන ලණු දෙන්නේ කියලා. මං දැන් කියන්න යන්නේ ඒ ගැන. මේ පොස්ට් එක කියවලා ඉවර උනාම ඔයාලට තේරෙයි උඩ තියෙන කතාවට අනුව ගත්තොත් ඇත්තටම ලොකුම ලණුව කාලා තියෙන්නේ අක්කද,මල්ලිද කියල.

                   ඔයාල හැමෝම දන්නවානේ ඉතිං හිරු නොබසින අධිරාජ්ය්‍යට අපිත් යටත්වෙලා හිටියා කියලා.. ඔය කාලේ සුද්දෝ යටත් කරගත්ත රටවල් වල තියන හැම දේම තමන්ගේ අනසකට යටත් කරගන්න එක තමා කරේ. ආගම,සංස්කෘතිය ඇතුලු හැමදේම. ඔහොම කරගෙන යන අතරේ සුද්දන්ට ලොකු ප්‍රශ්නයක් උනා උන්ගේ වෙලාවට අපි වැඩ කරන්නැති එක. ඒ කියන්නේ එයාලා අවුරුද්දෙ මුල කියලා සැලකුවේ ජනවාරි පලවෙනිදා උනාට අපේ අය අවුරුද්දේ මුල කියලා සැලකුවේ අප්‍රේල් පලවෙනිදා. ඉතින් සුද්දෝ කොච්චර කිව්වත් ජනවාරි පලවෙනිදා අවුරුද්දේ මුල විදියට සලකල වැඩකරන්න කියලා කවුරුත් ඇහුවෙ නෑ. අපේ අය විතරක් නෙවේ බ්‍රිතාන්‍යයෝ යටත් කරගත්ත ගොඩක් රටවල් වල අවුරුද්දේ මුල උනේ අප්‍රේල් පලවෙනිදා. මේ හේතුව නිසා මේකට පිලියමක් කල්පනා කරපු බ්‍රිතාන්‍යයෝ ඉතිහාස ගතවෙන ජාත්‍යන්තර ලණුවක් ප්‍රචාරය කලා.. ඒ කියන්නේ අප්‍රේල් පලවෙනිදා මොඩයින්ගේ දවස විදියට ප්‍රකාශ කලා.. ඉතින් ඒ ලණුව ගිලපු මිනිස්සු අප්‍රේල් පලවෙනිදා ගොන් විහිළු කරන්න පටන්ගත්තා.. මෙහෙම මෝඩ දවසක් හාහාපුරා කියලා අවුරුද්දක් පටන්ගන්න සුබ දිනයක් කරගන්න අකමැති වුනු මිනිස්සු ජනවාරි පලවෙනිදට මාරු උනා.. අනේ ඉතින් සමහරු තවමත් අර සුද්දාගේ පරණ ලණුව නිසා අප්‍රේල් පලවෙනිදට ගොන් ජෝක් කරනවා...... 

10 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් එකතු කරන්න. පහතින් අපේ සින්ඩියට පිවිස අප වෙත ඔබේ බ්ලොග් ලින්ක් එක එවන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. සහයට ස්තූතී.....

    ReplyDelete
  3. ඔය වගේම දවසක් ඒ ගොල්ලොත් අදහනවා නේද? 13 වන සිකුරාදා.
    ඔටෝ බිස්මාර්ක් ඇතුලු ප්‍රසිද්ධ ගොඩක් අය අප්‍රේල් ඉපදිලා තියෙනවා.
    http://www.famousbirthdays.com/april1.html
    //ජනවාරි පලවෙනිදට ගොන් ජෝක් කරනවා......// අප්‍රේල් පලවෙනිදට නේද?

    ReplyDelete
    Replies
    1. අහ් ජනවාරි අප්‍රේල් පැටලිලා. හිහි

      Delete
  4. මේ පාර නම් කාගෙවත් ලණු කෑවෙත් නෑ... කාටවත් දෙන්ඩත් බැරි වුණා...අපරාදේ..

    ReplyDelete
    Replies
    1. හැමදාම දෙන්නේ ඒකට

      Delete
  5. ඉස්කෝලේ කාලෙන් පස්සේ කාටවත් ලණුවක් දෙන්නවත් බැරි උනා..

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ හොද ගේම් කාරයෙක් වගේ..

      Delete
  6. රණා............... අගෙයි බ්ලොගය.... සතුටුයි අලුතෙන් බ්ලොගයක් පටන් ගත්තාට.. දිගට ම ලියමු.......... ජයවේවා

    ReplyDelete
  7. ස්තූති සහෝදරයා..

    ReplyDelete